දෙව්රම් වෙහෙරට යන පාරේ …..

දෙව්රම් වෙහෙරට යන පාරේ
සම්බුදු සිසිලෙන් පින් ඉතිරේ
බණපද ඇහෙනා හැම වාරේ
සිත දිවයනවා සංසාරේ ……

ජාතක සිතුවම් පිටු අතරේ
සම්බුදු ගුණ සුවදයි දැනුනේ
බුදුහිමි දෙසු ඒ ගුණ අතරේ
සිත සැනසෙනවා මේ සසරේ

ගොනු පසුපස යන ගැල වැන්නේ
කල කී දෑ පසුපස එන්නේ
බණදම් කියනා ඒ පාරේ
ජයමග නියතයි මේ සසරේ

 
අනුරුද්ධ වැලිගමගේ

Comments